ශ්‍රී ලංකාවේ කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සඳහා!

කම්කරුවන්ගේ හා ගම්බද ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනයක් සංවිධානය කොට කැඳවනුවස්, සමස්ත දිවයින අලලාගත් උද්ඝෝෂනයක් සඳහා, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) වැඩකරන ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරයි.

සසප, සූරාකැවෙන සහ ඩාදිය වගුරන මහජනයාගේ මෙම සම්මේලනය දැකගන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ද, ඔහුගේ අනුප්‍රාප්තික විධායක ජනාධිපති වන හා ඒකාධිපතියා වීමට ඉඩ ඇති රනිල් වික්‍රමසිංහගේ ද, අපකීර්තිමත් පාර්ලිමේන්තු ගජ මිතුරන් විසින් අටවමින් තිබෙන, ප්‍රතිගාමී ධනපති අන්තර්-කාලීන ආන්ඩුවට විප්ලවීය දේශපාලන විකල්පයක් ලෙස ය . පාලක පන්තියේ නව ආන්ඩුවට ඇත්තේ එක් අභිප්‍රායයක් පමනි: එනම්, මහජන විරෝධයේ ගෙල සිරකරන අතරතුර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ), එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ශ්‍රී ලංකාවේ පාලක පන්තිය විසින් විධානය කරන ම්ලේච්ඡ කප්පාදු වැඩසටහන පැටවීම යි.

මුලු ප්‍රකාශය කියවන්න
ආන්ඩුවට එරෙහි විරෝධතාකරුවන් මර්දනය නවතනු! සියලු දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

ජවිපෙ/ජාජබ ආන්ඩුවේ රුදුරු කප්පාදුවලට එරෙහි ව කම්කරු පන්තිය බලමුලු ගන්වනු!

සිය සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගැනීමට කරන සටන කම්කරුවන් තම අතට ම ගැනීම හදිසි භාවයකින් යුතු ව මතු වී ඇති බව සසප කියා සිටි.

සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව)

මොරටුව විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති නායකයා, සමිති සාමාජික දේහින් වසන්ත වට්ස්ඇප් සාමුහිකයෙන් ඉවත්කිරීමට විරුද්ධ වෙනු!

දෙහින් වසන්ත සහ ඔහු සම්බන්ධ සමාජවාදී සමානත පක්ෂය කියා සිටින්නේ, ධනපතික්‍රමය තුල කම්කරුවන්ට දුගීන්ට තම අයිතීන් ආරකෂා කරගත නොහැකි බවයි. ඔවුන්ට අවශ්‍ය සමාජවාදී වැඩපිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකි.

අපගේ වාර්තාකරු

සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, මහජන සෞඛ්‍ය කප්පාදුවලට එරෙහිව සටන් කිරීමේ වැඩපිලිවෙල ගැන සාකච්ඡා කරයි

ආන්ඩුවේ කප්පාදු අයවැය පිලිබඳවත්, එයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය දේශපාලන හා කාර්මික අරගලය පිලිබඳවත්, සෞඛ්‍ය සේවකයින්ගේ මනා සහභාගීත්වයකින් යුත් ඔන්ලයින් රැස්වීමක් පැවැත්වුනි.

අපගේ වාර්තාකරුවන්

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ, දිසානායක ආන්ඩුවේ අයවැයෙන් තම වැටුපට එල්ලකල ප්‍රහාරයට විරෝධය දක්වති

කම්කරු පන්තිය, වැටුප් හා සේවා කොන්දේසි සඳහා වන සටන, වෘත්තීය සමිති අතින් තමන්ගේ අතට ගත යුතුය.

දේහින් වසන්ත